2016 වසරේ දී Disney විසින් තිරගත කරන ලද Moana චිත්රපටයේ දෙවෙනි දිගහැරුම මේ වසරේ දී එළිදක්වන බව Disney සඳහන් කරනවා.
මෙය මේ වසරේ නොවැම්බර් 27 වන දා තිරගත කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙහි ප්රධාන චරිතය වන Moana හට ඇයගේ මුතුන්මිත්තන්ගෙන් ලැබෙන අනපේක්ෂිත ඇමතුමක් මත ඇය ඕෂනියාවේ ඈත මුහුදට යාත්රා කිරීම මෙම දෙවන දිගහැරුමේ ප්රධාන සිදුවීම ලෙසයි දක්වා ඇත්තේ. ඒ ගමන් භයානක සහ විවිධ බාධා වලින් පිරුණු එකක් වනවා.
මෙම නව චිත්රපටයේ සින්දු සහ වාදන කොටස් Abigail Barlow සහ Emily Bear ඇතුළු තවත් සංගීතඥයන් සිව් දෙනෙක් විසින් සිදු කර තිබෙනවා.
එසේම මෙය අධ්යක්ෂණය කරන්නේ Dave Derrick Jr. විසින් වනවා.
Moana පළමු චිත්රපටය ලොව පුරා අතිශය ජනප්රිය වූ අතර එය ඩොලර් මිලියන 680කට වඩා වැඩි ආදායමක් ඉපැයීමට සමත් වුණා.


