කුසල් ජනිත් ජාත්‍යන්තර ක්‍රිකට් ලීගයේ පළමු තැනට

ඩුබායිහිදී පැවැත්වෙන 2024 පන්දුවාර 20 – 20 ජාත්‍යන්තර ක්‍රිකට් ලීගයේ පිතිකරුවන්ගේ ලකුණු ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා සමත්ව තිබෙනවා.

එහි දී කුසල් ජනිත් පෙරේරා තරග 07කට සභභාගි වී ලබා ඇති ලකුණු සංඛ්‍යාව ලකුණු 266ක් වනවා.

හතරේ පහර 27ක්ද, හයේ පහර 11ක්ද එල්ල කරමින් මෙම ලකුණු ප්‍රමාණය ඔහු විසින් රැස් කර ගෙන තිබෙනවා.

එම ලැයිස්තුවේ දෙවන ස්ථානයේ පසුවන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Nicholas Pooran ලබා ඇති ලකුණු සංඛ්‍යාව ලකුණු 261ක්.

එමෙන්ම එම ලීගයේ කඩුළු ලාභීන්ගේ ලැයිස්තුවේ සිව් වැනි ස්ථානයට පත් වීමට වනිඳු හසරංග සමත් වී තිබෙනවා.

එහිදී තරඟ 08ක් ක්‍රීඩාකර ඇති ඔහු ලබාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 12ක් වනවා.

එම ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකරගෙන ඇති ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක Fazalhaq Farooqi තරග 08කට සහභාගි වී ලබාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 17ක්.