යුක්රේන ජනාධිපති Volodymyr Zelensky විසින් එරට සන්නද්ධ හමුදා ප්‍රධානි Valerii Zaluzhnyi ධුරයෙන් ඉවත් කර තිබෙනවා.
2021 වසරේ ජුනි මාසයේ සිට යුක්රේන හමුදා ප්‍රධානියා ලෙස කටයුතු කළ ජනරාල් සලුස්නි සහ Zelensky අතර මාස කිහිපයක සිට ප්‍රතිවාදි මත පැවතුණි.
හමුදා ප්‍රධානියාගේ ස්ථාවරය වුයේ ආයුධ ශක්තිය නොමැතිව රුසියානු පාලන ප්‍රදේශ ආක්‍රමණය කිරිම අසාර්ථක උත්සහයක් වන බවයි.
කෙසේවෙතත් Zelensky හට රුසියානු භුමිය වෙත පහරදීමේ අවශ්‍යතාවක් මතුවු අතර මේ හේතුවෙන් දෙපාර්ශවය අතර යම් යම් විරසකතා ඇති වුණා.
එහි අවසන් ප්‍රතිඵලය ලෙස Valerii Zaluzhnyi ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට ජෙනරාල් ඔලෙක්සැන්ඩර් සිරස්කි එම ධුරයේ පිහිටුවා තිබෙනවා.
2022 පෙබරවාරියේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව යුක්රේන හමුදා නායකත්වයේ සිදු කළ විශාලතම වෙනස ලෙසයි විදෙස් මාධ්‍ය මෙය හඳුන්වන්නේ.

