අද රුපියලේ සුළු ඉහළ යෑමක්

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්නුම් කරනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රුපියල් 308.49ක් ලෙස සහ විකුණුම් මිල රුපියල් 318.58ක් ලෙස සටහන් වී තිබෙනවා.

එසේම ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව ද රුපියල ඉහළ ගොස් තිබෙනවා.