ලොතරැයි සඳහා මෙතෙක් දුන් ශත 50 ක කොමිස මුදල අඛණ්ඩව දෙන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා ලොතරැයි අළෙවි නියෝජිතයන්ගේ සංගමය විසින් වර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඊයේ දිනයේ ආරම්භ කරන ලද මෙම වර්ජනය හෙට (8) දිනයේ ද ක්‍රියාත්මක කරන බවයි එහි ප්රකෂයෙක් සඳහන් කරන්නේ.
වර්ජනය අවසන් කළේ යැයි ලොතරැයි ආයතන දෙකම බොරු ප්‍රචාර සමාජගත කරමින් සිටින බවත් මෙතෙක් දුන් ශත 50 ක කොමිස් මුදල ඉල්ලා අනිද්දා (9) කොළඹ කොටුවේදී විරෝධතාවක් පවත්වන බවත් එම නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කරනවා.
කෙසේවෙතත් ලොතරැයි පතක මිල රුපියල් 20 සිට 40 දක්වා ඉහළ දමන විට ලොතරැයි අළෙවි නියෝජිතයන්ගේ කොමිස් මුදල රුපියල් 3.75 සිට රුපියල් 7.50 ක් දක්වා ඉහළ නැංවූ බවත් ඒ අවස්ථාවේදී විශේෂ දීමනාවක් ලෙස දුන් ශත 50 ක කොමිස මුදල පමණක් අත්හිටුවා ඇති බවත් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරනවා.

