පකිස්ථානයේ නිරිතදිග බලුකිස්තාන් පළාතේ මැතිවරණ අපේක්ෂකයින්ගේ කාර්යාල දෙකක් අසල දරුණු පිපිරීම් දෙකක් වාර්තා වී තිබෙනවා.
පිෂින් දිස්ත්‍රික්කයේ ස්වාධීන මැතිවරණ අපේක්ෂකයෙකුගේ කාර්යාලය අසල දී පළමු පිපිරිම වාර්තා වී ඇති අතර එයින් අවම වශයෙන් පුද්ගලයන් 12 දෙනෙක් මිය ගොස් තිබෙනවා.
එසේම අනෙක් පිපිරිම ඇෆ්ගන් දේශසීමාව ආසන්නයේ පිහිටි කිල්ලා සයිෆුල්ලා නගරයේ සිදු ව ඇති අතර එහි දී ද අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පකිස්තාන මාධ්‍ය සදහන් කරන්නේ.
පාකිස්තානයේ පාර්ලිමේන්තු මැතිවරණය හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මිලියන 127 ක ඡන්ද දායකයින් පිරිසක් හෙට දිනයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බැවින් ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව තර කිරීමට පකිස්තාන බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

