ලංවිම සියලු වෘත්තීය සමිති එකමුතුව විසින් විදුලිබල මණ්ඩලයේ ප්රධාන කාර්යාලය ඉදිරිපිට අද (07) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබෙනවා.
ඒ, විදුලිබල මණ්ඩලයේ වැඩ තහනම් කළ සියලුම සේවකයන් යළි සේවය පිහිටුවන ලෙස බලධාරීන්ට බල කරමිනි.
විරෝධතාව අද දහවල් 12ට කොළඹ ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපිටදී ආරම්භ කර තිබෙනවා.
මේ සඳහා තැපැල්, දුම්රිය, රක්ෂණ, බැංකු, ටෙලිකොම් ඇතුළු වෘත්තීය සමිති රැසක සහයෝගය ලැබෙන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයින් පවසන්නේ.

