පාන් අලෙවි කරන සෑම වෙළෙඳසැලකම පාරිභෝගිකයාට බර මැනිය හැකි පරිදි ප්රමිතියෙන් යුත් තරාදියක් තිබිය යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිවේදනය කර තිබෙනවා.
පාන් ගෙඩියක තිබිය යුතු නිශ්චිත බර දක්වමින් පසුගිය දා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව පාන් රාත්තලක බර බර ග්රෑම් 450ක් විය යුතු අතර පාන් භාගයක බර ග්රෑම් 225ක් විය යුතු වනවා.
මෙම බරට අඩුවෙන් පාන් අලෙවි කරන වෙළඳුන් සොයා අද සිට වැටලීම් ක්රියාත්මක බවයි අධිකාරිය සඳහන් කළේ.

