පසුගිය වසර තුල දී පමණක් අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි 3431 ක් ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව දැනුම් දෙනවා.
එසේම අල්ලස් හා දුෂණ පැමිණිලි සදහා අත්අඩංගුවට ගත් පිරිසෙන් වැඩි පිරිසක් පොලීස් නිලධාරීන් බවයි කොමිෂන් සභාව අනාවරණය කරන්නේ.
එම පැමිණිලි අතුරින් පැමිණිලි 2789 පැමිණිලි කමිටුව වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන්.

