නැම්බියානු ජනපති ජීවිතක්ෂයට

නැමීබියාවේ ජනාධිපති Hage Geingob වින්ඩ්හෝක් අගනුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඔහු මිය යන විට වයස අවුරුදු 82ක් වනවා.

ඔහු පිළිකා රෝගයට ගොදුරු වී සිට ඇති අතර ඔහු ඒ බව පසුගිය මාසයේ දී නැම්බියානු ජනතාව වෙත ද දැනුම් දී තිබෙනවා.

2015 වර්ෂයේ සිට ඔහු Hage Geingob නැමීබියාවේ ජනාධිපති ධුරය හොබවනු ලැබූ ආතර ඔහුගෙන් පසුව හිස් වූ ජනාධිපති ධුරයේ මින් පෙර උප ජනාධිපතිව කටයුතු කළ Nangolo Mbumba දිවුරුම් දී තිබෙනවා.

මේ වසර අගදී පැවැත්වීමට නියමිත මැතිවරණය තෙක් ඔහු එම ධුරයේ කටයුතු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.