Facebook ට අදට වසර 20ක් සපිරෙයි

ලොව පුරා ඉතාම ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් ලෙස හැඳින්විය හැකි Facebook ට අදට වසර 20ක් සපිරෙනවා.

2004 වසරේ පෙබරවාරි හතරවැනි දිනක එවකට Harvard විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්ව සිටි Mark Zuckerberg ඔහුගේ යහළුවන් සමඟ එක්ව The Facebook නමින් මෙය ආරම්භ කරනු ලැබුවා.

මුල් කාලයේ දී එය Harvard විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් සඳහා පමණක් සීමිත වුවත් පසුව ක්‍රමයෙන් එය අනෙක් විශ්වවිද්‍යාල මෙන්ම අනෙකුත් ප්‍රදේශ කරා ද පැතිර යාමට පටන් ගත්තා.

දශක දෙකක් මුළුල්ලේ විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් මිනිසුන් එකිනෙකා අන්තර්ජාලය හරහා සමීප කළ Facebook හට මේ වන විට බිලියන 03කට අධික පරිශීලකයන් ප්‍රමාණයක් සිටිනවා.

එසේම 2023 වසර අග වන විට Facebook හි බිලියන 2.1කට වඩා වැඩි දෛනික පරිශීලකයන් ප්‍රමාණයක් ද සිටින බවට වාර්තා වී තිබෙනවා.