අද පෙබරවාරි පස්වෙනිදා ,සඳුදා

හිරු නැගීම – පෙරවරු 06:27
හිරු මුදුන් වීම – මධ්‍යහන 12:23
හිරු බැසීම – පස්වරු 06:18

අද පෙබරවාරි පස්වෙනි සඳුඳා, අලුත් සතියක ආරම්භයක්… අද ඉතින් නිවාඩු දවසක් විදිහට රජය ප්‍රකාශයට පත් කළේත් නැති නිසා ඔන්න ඔයා ඉස්කෝලේ හෝ ඔයාගේ රාජකාරි වැඩ වලට යන්න සූදානම් වෙනවා ඇති.

ගොඩක් වෙලාවට සඳුදා කියන්නේ ටිකක අපි අකමැති දවසක් නේ.. දවස් දෙකක හෝ එකක නිවාඩුවකින් පස්සේ ඉතින් උදේම නැගිටගෙන ලැස්ති වෙන්න එපැයි නේද.. කොහොම වුණත් අද සඳුදා දවස ඔයා ආදරෙන් බාර ගන්න… අද දවසත් ඔයාගේ හීන අරමුණු වලට යන්න උදව් වෙන තවත් ලස්සන දවසක් කර ගන්න…

සාර්ථක සහ අසාර්ථක මනුස්සයන් දෙන්නටම තියෙන්නේ දවසට පැය 24යි, සතියට දවස් 07යි. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් සාර්ථක වෙන්නයි අනෙක් එක්කෙනා අසාර්ථක වෙන්නයි බලපෑ හේතුව තමයි සාර්ථක එක්කෙනා එයාගේ දවසේ පැය 24 ලස්සනට manage කර ගැනීම සහ අසාර්ථක එක්කෙනා එහෙම කර නොගැනීම. ඒ නිසා ඔයත් ඔයාට ලැබිලා තියෙන කාලය හරියට සැලසුම් කර ගෙන හරි දිශාවකට වැඩ කරන්න… එතකොට ඔයාට අනිවාර්යයෙන්ම සාර්ථක මනුස්සයෙක් වෙන්න පුළුවන්.

ඒ වගේම තමයි ඔයාට පහුගිය සතියේ හරියට වැඩ කර ගන්න බැරි වුනා නම් මේ සතියේ ඔයා උත්සාහ කරන්න ඒ සතියට වඩා හොඳට වැඩ ටික කර ගන්න..

දවසක් විදිහට අද තියෙන විශේෂත්වය ගත්තොත් අද රස දවසක්.. මන් එහෙම කිව්වේ අද world nutella day එක නිසා. Nutella කියන්නේ චොක්ලට් වලට ආදරේ අපි කවුරුත් කන්න කැමති රසම රස දෙයක් නේ. ලංකාවේ නම් දැන් ටිකක් nutella ගන්න තැන් අඩුයි තමයි.. ඒ උනාට nutella කියන්නේ රස කෑමක්. Hazelnut සහ chocolate තමයි මේ nutella වලට වැඩියෙන්ම යොදා ගෙන තියෙන්නේ..

ඔයාල දන්නවද ලෝකේ වැඩියෙන්ම nutella කන රට මොකක්ද කියලා? ඒ තමයි ඉතාලිය… ඉතාලියේ එක එක ජාතියේ pastries එක්ක එයාල nutella ගොඩක් ආහාරයට ගන්නවා,

අද දවසේ සිදු වුණු එක් විශේෂ සිදු වීමක් තමයි පාප්වහන්ස්සේ නමක් පළමු වරට සෞදි අරාබියේ දේව යාඥාවක් කිරීම. 2019 වසරේ දී ඇති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අබුඩාබි වල යෙදුනු සංචාරයක් අතරතුර දී තමයි මේ දේව මෙහෙය සිදු කරලා තියෙන්නේ. මැද පෙරදිග රටවල් කියන්නේ ආගම විශේෂ කොට සලකන, ආගමට මුල් තැනක් දෙන රටවල් නේ. ඉතින් 2019 අවුරුද්ද වගේ මෑතක දී තමයි මේ වගේ කිතුනු දේව මෙහෙයක් ඒ රටවල පවත්වලා තියෙන්නේ.

ඒ වගේම Generalísimo Francisco Franco ස්පාඥ්ඥයේ 68 වන නායකයා බවට පත් වුණෙත් අද වගේ පෙබරවාරි පස්වෙනිදා දවසක.

එහෙනම් අද දවස ඉතාම හොඳින්, සතුටින් ගත කරන්න ලැබෙන්න කියලා අපි ඔයාලට සුබ පතනවා.

ජය වේවා! තෙරුවන් සරණයි!