මෙවර 76 වන නිදහස් දිනය ඉරිදා දිනයක යෙදී තිබුණද ඊට පසුදින වන අනිද්දා (05) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දෙනවා.
ඒ අනුව අනිද්දා සියලුම රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.
නිදහස් සැමරුම නිවාඩු දිනයක යෙදී ඇති බැවින් අනිද්දා නිවාඩු දිනයක් බවට ඇතැම් පිරිස් අසත්‍ය ප්‍රචාරයක් ගෙන යන බැවිනුයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මෙම දැනුම්දීම සිදු කර ඇත්තේ.

