ගත වූ පැය 24 තුළ පුද්ගලයන් 770ක් අත්අඩංගුවට

ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 770ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 567ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 203ක් සිටින බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 567 දෙනා අතරින් සැකකරුවන් 06කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 02ක් පුනරුත්තාපනය සදහා යොමු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් අය අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 05ක්ද වනවා.

එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 203 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 21ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 160ක්ද සිටින බව සඳහන්.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 11ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 11ක්ද
මෙම මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුමේ දී පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින්,

හෙරොයින් 132 g
අයිස් 121 g
ගංජා 15 kg 900g
ගංජා පැල 5,416
ඈෂ් 16 g
මාවා 209 g
මදන මෝදක 128g
තුල් ග්‍රෑම් 45 g