මුහුදුබඩ දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දැනුම් දීමක්

හෙට (04) දිනයේ මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය, ප්‍රධාන දුම්රිය ස්ථාන කිහිපයක නොනවත්වා ධාවනය කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ අනුව මහලේකම් දුම්රිය ස්ථානය, කොල්ලුපිටිය සහ බම්බලපිටිය යන දුම්රිය ස්ථානවල පෙරවරු 05.00 සිට පෙරවරු 09.00 දක්වා මෙලෙස දුම්රිය නොනවත්වා ධාවනය වනු ඇත.

නිදහස් උත්සවය සඳහා සහභාගි වන ප්‍රභූවරුන්ගේ සහ පෙළපාලිය සඳහා සහභාගි වන ත්‍රිවිධ හමුදා හා පොලිස් භට පිරිස්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙලෙස දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

76 වැනි ජාතික නිදහස් දින උලෙළ ජනාධිපති, අග්‍රාමාත්‍ය ඇතුළු දෙස් විදෙස් ප්‍රභූවරුන්ගේ සහභාගිත්වයෙන් හෙට දිනයේ කොළඹ ගාලු මුවදොර පිටියේ දී උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතිනවා.