ඉරානයේ ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ජෝර්දානයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර සිදු කිරීමට ඇමරිකානු ආරක්ෂක අංශ අණ කර තිබෙනවා.
ජෝර්දාන කඳවුරට එල්ල වූ එම ප්‍රහාරයෙන් ඇමරිකානු සොල්දාදුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් බොහෝ පිරිසක් තුවාල ලැබුවා.
ඒ අනුව එම ත්‍රස්තවාදී ඉලක්ක කර ගනිමින් ඉරාකයේ සහ සිරියාවේ ඔවුන් සිටින ප්‍රදේශ 85කට වැඩි ප්‍රමාණයක් වෙත මෙම ප්‍රතිප්‍රහාර මාලාව එල්ල කර තිබෙනවා.
එම ප්‍රහාර විනාඩි 30ක පමණ කාලයක් පැවති බවයි ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි පැවසුවේ.
මෙම ප්‍රතිප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර ඇත්තේ ඇමරිකාව කිසිවිටකත් මැද පෙරදිගට ප්‍රහාර දියත් නොකරන නමුත් යම් හෙයකින් මැද පෙරදිග රටවල් විසින් ඇමරිකානුවන්ට ප්‍රහාර එල්ල කළ හොත් එයට නිසැකවම ප්‍රතිචාර දක්වන බවයි.
ඇමරිකාවේ මෙම ප්‍රතිප්‍රහාර මාලාව ඉරාකය විසින් දැඩි ලෙස හෙලා දැක තිබෙනවා.

