ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් ඊයේ මියගිය බවට වාර්තාවූ බොලිවුඩ් රංගන ශිල්පිනියක් වන පූනම් පාණ්ඩේ තමන් ජීවතුන් අතර සිටින බව වාර්තා වෙනවා.
ඇය අද ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා වීඩියෝ පටයක් පළ කරමින් පවසා ඇත්තේ එලෙස අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් ඇයගේ රසිකයන්ගේ සිත් රිදවීම ගැන තමන් කනගාටු වන බවයි.
එතරම් අවධානයක් යොමු නොවන රෝගයක් වන ගැබ් ගෙල පිළිකා රෝගය පිළිබඳව සමාජයේ අවධානය යොමු කිරීම සඳහා මෙලෙස අසත්‍ය ප්‍රවෘත්තියක් ප්‍රචාරය කළ බවයි ඇය වැඩිදුරටත් එහි සඳහන් කර තිබෙන්නේ.
කෙසේවෙතත් ඇයගේ මෙම ක්‍රියාව සියලු දෙනාගේ දෝෂාරෝපණයට ලක් වී තිබෙනවා.

