හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ලබන 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.
ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (02) අත්අඩංගුවට ගනු ලැබූ අතර අද (03) මාළිගාකන්ද අධිකරණය වෙත රැගෙනවිත් තිබුනා.
ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය පිළිබඳ හිටපු අමාත්‍යවරයාගෙන් ඊයේ පැය 10කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගනු ලැබුවා.

