2009.05.19 දිනට පෙර මෙරට පැවති යුද්ධයට සක්‍රිය ව දායකත්වය ලබා දී ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මිය ගිය, ආබාධිත ව වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පූර්ණ වැටුප හා දීමනා ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ ඔවුන්ගේ වයස අවුරුදු 55 එළැඹීමට පෙර මිය ගිය අවස්ථාවක දී අදාළ හමුදා සාමාජිකයාගේ වයස අවුරුදු 55 එළඹෙන දිනය දක්වා ඔවුන්ගේ යැපෙන්නන් වෙත මෙම වැටුප් හා දීමනා ලබා දෙන බවයි.
අදාළ නිවේදනය පහතින්,


