ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ ලබාදුන් නියෝගයට අනුව අද පෙරවරුවේ ප්‍රශ්නගත එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අමාත්‍යවරයා පැමිණ සිටියා.
එම අවස්ථාවේ ඔහුට විරෝධය පළ කිරීමට සිවිල් සංවිධාන කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ සිටි අතර ඒ හේතුවෙන් අවට ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් සහ පොලිස් කැරලි මර්දන ඒකකය ද කැඳවනු ලැබුවා.
එහි දී පැය 9 කට අධික කාලයක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
එසේම මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුලු 6 දෙනෙකු ලබන 15 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.

