අද පෙබරවාරි තුන්වෙනිදා, සෙනසුරාදා

හිරු නැගීම – පෙරවරු 06:27
හිරු මුදුන් වීම – මධ්‍යහන 12:23
හිරු බැසීම – පස්වරු 06:18

අද පෙබරවාරි තුන්වැනි සෙනසුරාදා, මේ මාසේ පලවෙනි සෙනසුරාදා දවස. ඉතින් අද සමහර අය නම් ගෙදර ඇති. සමහර අය නම් එයාලගේ ජොබ් එකට, එහෙමත් නැත්නම් ඉගෙන ගන්න වැඩවලට යනවා ඇති.

අද දවස ඔන්න ඔයා ආසම කෙනෙක් වෙනුවෙන් වෙන් කෙරුණු දවසක්… සමහර විට මෙයා ඔයාලගේ ගෙදරත් ඇති… ඒ කෙනා තමයි golden retriever කියන්නේ. ඉතින් ඔයාල දන්නවා නේ මේ බල්ලෝ ජාතිය නම් හරිම ෂෝයි. එයාල හරිම මිත්‍රශීලි, පොඩ්ඩක්වත් සැර නැති ලස්සන බල්ලෝ වර්ගයක්.. ඒ නිසාම තමයි ලෝකේ පුරාම මෙයාලා හොඳ සුරතලෙක් විදිහට ජනප්‍රිය වෙලා තියෙන්නේ.. ඔන්න ඔයාලගේ ගෙදරත් මේ වගේ බලු සුරතලෙක් ඉන්නවා නම් අද වෙලාවක් අර ගෙන එයා එක්ක හුරතල් වෙන්න, සෙල්ලම් කරන්න අමතක කරන්න එපා. මොකද එයාල එක්ක ඉන්නකොට අපේ හිත්වලට හරිම නිදහසක් දැනෙන්න්නේ.

ඔයාලා පොඩි කාලේ බලපු Sesame Street කාටූන් එක මතකයි ද? ඔන්න අද එකේ අර ඉන්න රතු රාක්ෂයා Elmo ගේ උපන්දිනය.. රාක්ෂයා කිව්වට Elmo කියන්නේ ලොකු පොඩි හැමෝගෙම ආදරේ දිනා ගත්ත චරිතයක්.. ඉතින් ඔන්න ඔයාගේ උපන්දිනය අදට යෙදිලා තියෙනවා නම් ඔන්න ඔයාට පුළුවන් Elmo එක්ක ම ඔයාගේ උපන්දිනය සමරන්න.. හිකිස්…

අද දවසේ තවත් වැදගත් සිදුවීම් කිහිපයක්ම සිද්ධ වෙලා තියෙනවා.

ඔයාල දන්නවා නේ කාලගුණික අනාවැකි වලට අවශ්‍ය තොරතුරු ලබා ගන්න අපි සැටලයිට් ඒ කියන්නේ චන්ද්‍රිකා අභ්‍යවකාශ ගත කරනවා කියලා. ඉතින් ඉස්සෙල්ලම එහෙම කාලගුණ චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශගත කරලා තියෙන්නේ අද වගේ දවසක. ඒ 1966 ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දී. මේ චන්ද්‍රිකාවේ නම තමයි ESSA -1 කියන්නේ.

ඒ වගේම තමයි ලෝකේ පලවෙනි වාණිජ චීස් කර්මාන්ත ශාලාව ආරම්භ කරලා තියෙන්නෙත් 1815 අද වගේ දවසක. ඒ ස්විට්සලන්තයේ දී. කොහොම වුණත් මේ කර්මාන්තශාලාවට විශාල වශයෙන් චීස් නිෂ්පාදනය කරන්න නම් බැරි වෙලා කියලා තමයි සඳහන් වෙන්නේ.

ඒ කොහොම වුනත් ඔන්න ඔයා නම් අද දවසේ ඔයාගේ ඔක්කොම වැඩ ටික සාර්ථකව කරන්න ඕනි.

එහෙනම් අද දවසේ සතුටින් ඉන්න.. ඔයා ආස දේවල් කරන්න.. ඔයා ආස අයත් එක්ක ඉන්න..

ජය වේවා! තෙරුවන් සරණයි.