මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ගිලන් ගුවන් ප්‍රවාහන සේවාව ලබන මාර්තු මස 1 වනදා සිට ආරම්භ කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරනවා.
මාලදිවයිනේ ප්‍රවාහන සහ ගුවන් සේවා අමාත්‍ය කපිතාන් මොහොමඩ් අමීන් සහ විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අතර ඊයේ පැවති සාකච්ඡාවකදීයි මේ සම්බන්ධයෙන් එකගතාවයකට පැමිණ ඇත්තේ.
මාලදිවයිනේ වෙසෙන ජනතාවට සිදුවන හදිසි අනතුරු සහ රෝගාබාධ වලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට කඩිනමින් පැමිණීමට අවස්ථාව ලබාදීම මෙම ගිලන් ගුවන් සේවාව ආරම්භ කිරීමේ අරමුණ ලෙස දක්වා තිබෙනවා.
මාලදිවයින් ගුවන් සේවා අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ, මේ දක්වා සිය වැසියන් හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට ඉන්දියාවට රැගෙන ගියත්, මෙරට හදිසි ප්‍රතිකාර කටයුතු වල පවතින ගුණාත්මකභාවය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.

