අද ජනවාරි 31 වෙනි දා, අවුරුද්දේ පළවෙනි මාසේ අන්තිම දවස. ඔයාල දන්නවද අද දවසේ තවත් විශේෂත්වයක් තියෙනවා.. ඒ තමයි අද සීබ්රා සතුන් වෙනුවෙන් වෙන් කරපු ජාත්‍යන්තර සීබ්රා දිනය.
සුදු සහ කළු ඉරි වලින් යුතු සමක් තියෙන මේ සීබ්රා සතුන් අශ්ව පවුලට අයත් වනවා. ඒ වගේම මෙයාල අප්‍රිකාවට ආවේනික සත්ත්ව කොට්ටාසයක්. ඒ කියන්නේ අප්‍රිකානු රටවලින් තමයි ලෝකයේ අනෙක් රටවල සත්ත්වෝද්‍යාන වලට මේ සීබ්රා සතුන් අරන් ගිහින් තියෙන්නේ.
ඉතින් ඔන්න ලංකාවෙත් දෙහිවල සත්ත්වෝද්‍යානයට, රිදීයගම සෆාරි උද්‍යානයට වගේ ගියොත් ඔයාටත් මේ සීබ්රා සතුන් ඔයාගේ ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන්.
Plain සීබ්‍රාවන්, Grevy සීබ්රා සතුන් සහ කඳුකර සීබ්රා සතුන් වශයෙන් සීබ්රා විශේෂ තුනක් ප්‍රධාන වශයෙන් හඳුනා ගන්න පුළුවන්. මේ සෑම විශේෂයකටම ඔවුන්ට ආවේනික වූ ඉරි රටාවක්, සහ හැසිරීම් රටාවක් පවතිනවා. ඒ වගේම තමයි ඔවුන්ගේ වාසස්ථානත් එකිනෙකට වෙනස්.
Plain Zebra

ඒ අතරින් plain සීබ්‍රාවන් වඩාත් සුලබ වන අතර Grevy සීබ්රා සතුන් මෙම සීබ්රා විශේෂ අතරින් විශාලතම ශරීරයක් දරන සිබ්‍රාවන් වනවා. කෙසේවෙතත් ඔවුන් ඉතා දරුණු ලෙස වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා සිටිනවා.
Grevy Zebra

IUCN රතු දත්ත පොතට අනුව දැනට වනයේ සිටින පරිණත Grevy සීබ්රා සතුන් සංඛ්‍යාව 2,000ට වඩා අඩු සංඛ්‍යාවක් ගන්නවා.
Mountain Zebra

plain සීබ්‍රාවන් ගේ උපවිශේෂයක් ලෙස හැඳින්වෙන Quagga සීබ්‍රාවන් 19 වැනි සියවසේ දී සම්පුර්ණයෙන්ම වඳ වී ගොස් තිබෙනවා.
Quagga

සීබ්රා සතුන් කුඩා රංචු වශයෙන් ජිවත් වන අතර එම එක් රංචුවක ප්‍රධාන පිරිමි සීබ්රා සතෙක් සහ ගැහැණු සීබ්රා සතුන් කිහිපදෙනෙක් මෙන්ම ඔවුන්ගේ කුඩා පැටවුන් ජිවත් වනවා.
ඔවුන් විවිධ ශබ්ද, මුහුණේ ඉරියව්, වලිගයෙන් සහ විවිධ අංග චලන වලින් එකිනෙකා සහ සන්නිවේදනය කරනවා.
මේ සීබ්‍රාවෝ කියන්නේ ප්‍රධාන වශයෙන් ශාක ආහාර, තණකොළ වලින් පමණක් යැපෙන ශාකභක්ෂකයන් වෙනවා.ජිවත් වෙන පරිසරය අනුව එයාලගේ ආහාර රටාවේ යම් යම් සුළු වෙනස්කම් පැවතියත් පොදු වශයෙන් එයාල කොළ, පඳුරු, අතු සහ පොතු ආහරයට එකතු කර ගන්නවා.
ඔවුන්ට ඉතාමත් ශක්තිමත් දත් සහ හකු පිහිටා තිබීම හේතුවෙන් මේ ආහාර පහසුවෙන් සපා ගන්න සහ කඩා ගන්න පුළුවන්.
ඔවුන් ජිවත් වන පරිසරයේ ජලය සොයා ගැනීම ඉතා අපහසුවීම හේතුවෙන් මොවුන්ට දින කිහිපයක් වුවද ජලය නොමැතිව ජිවත් වෙන්න පුළුවන් ආකාරයේ ශරීර ලැබිලා තියෙනවා.
සිංහයන්, හයිනාවන්, දිවියන් සහ චීටාවන් වැනි විලෝපිකයන්ගෙන් බේරීම සඳහා සීබ්රා සතුන්ට පැයට කිලෝමීටර 65ක පමණ වේගයෙන් දිවීමේ හැකියාවක් ද ස්වාභාව ධර්මය විසින් ලබලා දීලා තියෙනවා.
මේ සීබ්රා සතුන්ගේ ආයු කාලය ගත්තොත් එයාල වනයේ නිදැල්ලේ හැසිරෙනවා නම් අවුරුදු 25ක පමණ ආයු කාලයක් සහ, සත්ත්වෝද්‍යාන වගේ රැක බලා ගන්නා ස්ථානයක නම් අවුරුදු 40ක් දක්වා වූ කාලයකුත් ජිවත් වෙනවා.
සීබ්රා සතුන් වයස අවුරුදු 3 සිට 6 දක්වා ලිංගික පරිනතිය ලගා කර ගන්නා අතර වසරේ සියලු කාල වල දී සංසර්ගයේ යෙදෙමින් පැටවුන් බිහි කරනු ලබනවා.
ගැහැණු සීබ්රා සතුන්ගේ ගර්භනී කාලය මාස 12 සිට 13 දක්වා වන අතර ඔවුන් තනි පැටියෙක්ට උපත ලබා දෙනවා. උපත ලබා පැයක පමණ කාලයක් ඇතුලත සීබ්රා පැටවුන්ට ඇවිද ගැනීමට සශ දිවීමට හැකියාව ලැබෙන අතර ඔවුන් වසරක් පමණ කාලයක් වන තෙක් මව්කිරි වලින් පෝෂණය වනවා.


