දකුණු දිග ජොහෝර් ප්‍රාන්තයේ කෝටිපති සුල්තාන් ඉබ්‍රහිම් ඉස්කන්දාර් (Sultan Ibrahim Iskandar), මැලේසියාවේ 17 වැනි රජු ලෙස දිවුරුම් දී තිබෙනවා.
අල්-සුල්තාන් අබ්දුල්ලා සුල්තාන් අහමඩ් ෂා රජුගේ වසර පහක ධුර කාලය අවසන් වීමත් සමඟයි මෙලෙස ඉස්කන්දාර් විසින් මැලේසියාවේ අගනුවර වන ක්වාලාලම්පූර්හි ජාතික මාලිගයේදී නව රජු ලෙස දිවුරුම් දී ඇත්තේ.
එම උත්සවය සඳහා මැලේසියාවේ අනෙකුත් රජ පවුල්, අගමැති අන්වර් ඊබ්‍රහිම් සහ කැබිනට් සාමාජිකයින් සහභාගී වී තිබෙනවා.
සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් මැලේ-බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති හමුදා නිලධාරියෙක් වන අතර මෙම උත්සවයන් අනතුරුව ඔහුගේ රාජාභිෂේකය පැවැත්වෙනු ඇත.
1957 දී මැලේසියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමෙන් පසුව මැලේසියාවේ සිටින රජ පවුල් නවය අතරින් රජවරු තෝරා පත් කර ගෙන ඔවුන්ට වසර පහක ධුර කාලයක් ලබා දෙනු ලබනවා.
මැලේසියාවේ පාලන බලය අගමැති ප්රමුඛ පාර්ලිමේන්තුව වෙත ප්‍රධාන වශයෙන් පැවරී ඇති නමුත් මෙලෙස පත් කරන රජතුමා මැලේසියානු රජයේ සහ ත්‍රිවිධ හමුදාවේ නාමික ප්‍රධානියා වශයෙන් කටයුතු කරනවා.
සියලුම නීති ක්‍රියාත්මක කිරීමට, නව කැබිනට් මණ්ඩල පත්කිරීම් සඳහා සහ මහමැතිවරණය සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔහුගේ අනුමැතිය අවශ්‍ය වනවා.

