පනත් කෙටුම්පත් දෙකකට කතානායකගේ අත්සන

පසුගියදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් දෙකක් සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සිය සහතිකය සටහන් කර තිබෙනවා.

සමථකරණය තුළින් ඇතිවන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීම පනත් කෙටුම්පත සහ නොතාරිස් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා මෙලෙස කථානායකවරයාගේ සහතිකය හිමිවිය.

ඒ අනුව, උක්ත පනත් කෙටුම්පත් 2024 අංක 5 දරන සමථකරණය තුළින් ඇතිවන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීම පනත් කෙටුම්පත සහ 2024 අංක 6 දරන නොතාරිස් (සංශෝධන) පනත ලෙස බලාත්මක වනු ඇත.