ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බීබී හට වසර 14ක සිර දඬුවමක් ප්රකාශයට පත් කර තිබෙනවා.
රාජ්ය රහස් ලේඛන පිටතට ලබා දීමට වැරදිකරු වුණු ඉම්රාන් ඛාන්ට ඊයේ දිනයේ දී පකිස්තාන විශේෂ අධිකරණයක් විසින් වසර 10ක සිර දඬුවමක් ලබා දුන් අතර අද දිනයේ මෙම දඬුවම ලබා දී තිබෙනවා.
මෙම දඬුවම් දෙකම එකිනෙකට සමගාමිව ක්රියාත්මක වනු ඇති බව වාර්තා වන නමුත් ඒ සම්බන්ධයෙන් තවමත් අධිකරණය විසින් නිශ්චිත වශයෙන් ප්රකාශ කර නැහැ.
එසේම මෙම දෙපළට රුපියල් බිලියන 1.5 ක දඩ මුදලක් ද ගෙවන ලෙස නියෝග කර තිබෙනවා.
ඛාන් ගේ නීතීඥයින් සඳහන් කරන්නේ මෙම දඬුවම් දෙක සඳහාම අධිකරණයේ අභියාචනා ගොනු කිරීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

