සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට වර්ජනයක

රුපියල් 35,000කින් ඉහළ දැමීමට තීරණය කළ වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනා හෙවත් DAT දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

මෙම දීමනාව ඉල්ලමින් ඊයේ දහවල්ද වෘත්තී සමිති පිරිසක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

මෙවන් පසුබිමක තවමත් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දීමනාවක් ලබා දීම කෙරෙහි රජය හෝ මුදල් අමාත්‍යාංශය පාර්ශ්වයෙන් සාධනීය මැදිහත් වීමක් නොමැතිවීම හේතුවෙන් හෙට දිනයේ සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඒකාබද්ධව වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.