විශ්‍රාමික ශ්‍රී ලංකා යුද හමුදා ජෙනරාල් දයා රත්නායක මහතා සමගි ජන බලවේගය සමඟ එක් වී තිබෙනවා.
අද පැවති රැස්වීමක් අතරතුර දී මෙලෙස ඔහු විසින් සිය සහයෝගය සජබයට ලබා දෙන බව සඳහන් කර තිබෙනවා.
ඒ අනුව එහි දී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසින් ඔහුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස පත් කර තිබෙනවා.
දයා රත්නායක මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙසත්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් කටයුතු කර තිබෙනවා.

