රුපියල තවදුරටත් ඉහළට

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.

ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 312.67 ක් ලෙස සහ විකුණුම් මිල රු. 322.77ක් වන ලෙස සටහන් වී තිබෙනවා.

එසේම ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ද රුපියල ඉහළ ගොස් තිබෙනවා.