15,000කට නිවාස ණය

“සැමට නිවහන” වැඩසටහන යටතේ පුද්ගලයන් 15,000ක් වෙත නව නිවාස ණය ලබා දීමේ වැඩසටහනක් මේ මස අවසන් වීමට පෙර ආරම්භ කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියාඅරච්චි මහතා පැවසුවේ නිවාස අලුත්වැඩියා කටයුතු සඳහා මෙම නිවාස ණය ලබා දෙන බවයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල හරහා මෙම නිවාස ණය ප්‍රතිලාභීන්ට ලබා දෙනු ලබනවා.

මෙවර අයවැය මගින් මෙම වසරේ නිවාස සංවර්ධනය වෙනුවෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට රුපියල් මිලියන 7,650ක් වෙන් කර තිබෙනවා.