නවසීලන්තයේ හිටපු අගමැතිනිය විවාහ වෙයි

නවසීලන්තයේ හිටපු අගමැතිනිය වන Jacinda Ardern ඇයගේ පෙම්වතා Clarke Gayford සමඟ විවාහ වී තිබෙනවා.

ජනවාරි 13 වන දා පැවැත්වුණු මෙම විවාහ උත්සවය ඉතාම සරල ආකාරයෙන් නවසීලන්තයේ Hawke’s Bay හි Craggy Range Winery හි දී පවත්වා තිබෙනවා.

මොවුන් දෙදෙනා 2019 වසරේ දී ගිවිස ගත් අතර එවක පැවති දැඩි කොරෝනා තත්ත්වය පාලනය කිරීමට නවසිලන්ත රජය විසින් ගත ක්‍රියාමාර්ග හේතුවෙන් ඇයට දෙවතාවක්ම සිය විවාහය කල් දැමීමට සිදු වුණා.

Ardern ඇයගේ විවාහයට සුදු halter neck ගවුමක් ද, ඇයගේ සැමියා Gayford සාම්ප්‍රදායික ලෙස කළු suit එකක් ද ඇඳ තිබෙනවා.

Dame Jacinda Ardern and Clarke Gayford pictured at their wedding. Photo / Felicity Jean Photography