2023 / 2024 අ.පො.ස.උසස් පෙළ විභාගයේ මින් පෙර පවත්වන ලද ලද කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය වෙනුවට පවත්වනු ලබන නව වලංගු ප්‍රශ්න පත්‍රය පවත්වන දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව එම ප්‍රශ්න පත්‍රය 2024 පෙබරවාරි මස පළමුවැනිදා පෙරවරු 8.30 සිට 11.40 දක්වා පැවැත්වීමට නියමිත බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ඉකුත් 10 දා පෙරවරුවේ පැවත්වූ කෘෂි විද්‍යාව දෙවන පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම හේතුවෙන් එය අවලංගු කිරීමට කටයුතු කරනු ලැබුවා.
ඒ අනුව මෙම මස 31 දිනට අවසන් වීමට නියමිතව තිබූ 2023(2024) උසස් පෙළ විභාගය පෙබරවාරි 01 දායින් අවසන්වන අතර සියලු විභාග මධ්‍යස්තාන එදිනද සාමාන්‍ය පරිදි පැවත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

