2024 වසරේ යෙදෙන පළමුවෙනි පොහෝ දිනය වන දුරුතු පුන් පොහෝ දිනය අදට යෙදී තියෙනවා.
දුරුතු පොහෝ දිනය ශාසනික මෙන්ම ඓතිහාසික වටිනාකමකින් යුතු සිදුවීම් රාශියක් සිදු වූ දිනයක් ලෙසයි බෞද්ධ ග්රන්ථ වල දැක්වෙන්නේ.
ඒ අතරින් බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනය සිදු වීම විශේෂ වනවා.
මහියංගනයේ මහානාග නම් උයනට අයිතිවාසිකම් කියමින් යක්ෂ සහ නාග ගෝත්රිකයන් දෙපිරිස අතර ඇති වූ අරගලය සමතයකට පත් කිරීම සඳහා බුදුරජානන් වහන්සේ ලංකාද්වීපයේ මහියංගනයට වැඩම කළ අතර එහි දී යක්ෂයන් දමනය කිරීම සඳහා උන්වහන්සේ විසින් වර්ෂාව සහ අකුණු ඇති කළ බවයි ඉතිහාස ග්රන්ථ වල දක්වා තිබෙන්නේ.
මේ ගමනේ දී සුමන නම් වූ ප්රාදේශීය පාලක රජ කෙනෙක් විසින් බුදුරජාණන් වහන්සේගෙන් පූජාවට සුදුසු වන යමන් ලබා දෙන ලෙස කළ ඉල්ලිමක දී උන් වහන්සේ සිය කේශ ධාතු මිටක් ලබා දී තිබෙනවා. පසුව එම ධාතුන් වහන්සේලා තැන්පත් කරමින් බුදුරජානන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ අඩි 10ක් උස ස්ථුපයක් සාදා තිබෙනවා.
එසේම බිම්බිසාර රජු විසින් බුදුන් ඇතුළේ මහ සඟරුවනට වේලාවනාරාමය පුජා කර ඇත්තේ දුරුදු පොහොය දිනක බවයි බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙන්නේ.
මේ සා විවිධ වැදගත්කමකින් යුතු මේ දුරුතු පුන් පොහෝ දිනයේ බෞද්ධ ජනතාව විසින් ආමිස සහ ප්රතිපත්ති පුජා වල යෙදෙමින් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම මාර්ගයේ ගමන් ගැනීමට වෙහෙස වනු ලබනවා.
ඉතින් සියලු සතුන් සුවපත් වන පින්බර දුරුතු පුන් පොහෝ දිනයක් වේවා.!
තෙරුවන් සරණයි !

