ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (13) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
මෙම සමුළුවට සමගාමීව අනිද්දා ආරම්භ වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට ද ජනාධිපතිවරයා මෙහිදී එක්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
එසේම ජනාධිපතිවරයා විසින් ස්විට්සර්ලන්ත – ආසියානු වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කරනු ලබන ග්රීන් ටෙක් සංසදයේ ප්රධාන දේශනාවද පවත්වනු ලබනවා.
ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ස්විට්සර්ලන්ත – ආසියානු වාණිජ මණ්ඩලය සමඟ සංවිධාන කරනු ලබන ව්යාපාරික වටමේස සමුළුවකට ද ජනාධිපතිවරයා එක්වන අතර, ව්යාපාරික නියෝජිතයින් කිහිපදෙනෙක් ද මෙම සංචාරයේ දී හමු වීමට නියමිතව තිබෙනවා.
ලෝක ආර්ථික සමුලුවට සහභාගිවීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගිවීම සඳහා ලබන 18 වනදා උගන්ඩාව බලා පිටත්ව යන අතර හෙතෙම නැවත ශ්රී ලංකාවට පැමිණෙන්නේ ලබන 24 වනදායි.

