ළමා ලාදුරු වැඩිම රටවල් අතර ශ්‍රී ලංකාව තුන්වන තැනට පත්ව ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසනවා.
ශ්‍රී ලංකාවේන් සොයා ගන්නා ලාදුරු රෝගීන්ගෙන් 10%ක් වයස අවුරුදු 15ට අඩු දරුවන් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මේ හේතුවෙන් ලාදුරු රෝගය වැඩි දිස්ත්‍රික්කවල පාසල් සඳහා ලාදුරු තුරන් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඔහු පවසනවා.
ලාදුරු රෝගය තුරන් නොවූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 83ක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

