හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වල්ල මහතාට එරෙහිව නැවත වතාවක් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා.
හියුමන් ඉමියුනොග්ලොබියුලින් වංචාවේ මහමොළකරු බවට පෙනී යන හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව සමගි ජන බලවේගය මෙම විශ්වාසභංග යෝජනාව ඉතා කඩිනමින් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි ඔහු සඳහන් කළේ.
මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ එම විශ්වාසභංග යෝජනාවේ දී මහජන නියෝජිතයන් සැබෑ ලෙසම ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවාද, නැතහොත් රුධිර වංචාවේ මහමොළකරු වෙනුවෙන් පෙනී සිටිනවාද යන්න පිළිබඳ ජනතාවට දැකගත හැකි වනු ඇති බවත්ය.
හියුමන් ඉමියුනොග්ලොබියුලින් වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව කඩිනමින් විමර්ශන සිදුකරන ලෙසට ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
මෙයට පෙර ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පක්ෂව ඡන්ද 113ක් හිමිවූ බවත් තවදුරටත් ඔහු ආරක්ෂා කරනවාද යන්න ඔවුන්ගෙන් විවෘත විමසීමක් ද සිදු කරනු ලැබුවා.

