රටපුරා ක්‍රියාත්මකවන යුක්තිය මෙහෙයුම යටතේ ගෙවුණු පැය 24තුළදී සැකකරුවන් 897 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් සැකකරුවන් 24ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිසිය සඳහන් කරන්නේ.
එසේම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 37 දෙනෙකු ද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහෙයුම අතරතුර අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් මෙසේය…
හෙරොයින් 299g
අයිස් 172g 40mg
ගංජා 4kg 400g
ගංජා පැල 26075 ක්
ගංජා සුරුට්ටු 01 ක්
ඈෂ් 2g
මාවා 522g
තුල් 34g
මදන මෝදක 3kg
මත්පෙති 1233 ක්

