පුංචි කාලේ නාන වෙලාවේ ළඟ හිටිය මේ තාරාව මතකද?

පුංචි ළමයෙක් නාවනවා කියන්නේ ඉතින් වැඩ කෝටියක් තමයි… විශේෂයෙන් ම ඒ ළමයා නාන්න අකමැති කෙනෙක් නම් ඉතීම් මුළු ගෙදරම අයට සමහර විට අල්ලපු ගෙදර අයටත් එන්න වෙනවා ළමයා නාවන්න…හිකිස්…

ඉතින් ඒ නාන්න හොර අය එක්ක වගේම නාන්න පට්ට ආස අය එක්ක එකට නාන බේසමේ හිටිය කෙනෙක් තමයි මේ කහ පාට රබර් තාරාවා.. සමහර අයගේ නම් දැන් වුණත් මේ තාරාවෝ එයාලගේ bathtub එකේ ඇති…

අද ඒ කියන්නේ ජනවාරි 13 වෙනිදා මේ රබර් තාරාවා වෙනුවෙන් වෙන් කරලා තියෙන National Rubber Duck Day එක.. ලෝකේ එක එක දේවල් වලට දවස් වෙන් කරනකොට එයාල මේ තාරා පැටියටත් දවසක් වෙන් කරන්න අමතක කරලා නැහැ ඔන්න…

Charles Goodyear විසින් වල්කනයිස් කරන ලද රබර් හඳුන්වා දීමත් සමඟ තමයි මේ රබර් සෙල්ලම් බඩු නිෂ්පාදනය වෙන්න ගත්තේ. ඉස්සෙල්ලම හැදුව තාරා පැට්ටෝ ඝන විදිහට ඇතුලේ රබර් පුරවලා තමයි හදලා තියෙන්නේ.. මුල් ම කාලේ මේවා නාන කොට ලඟින් ඉන්න bathbuddy කෙනකේ විදිහට නෙමෙයි හඳුන්වලා දුන්නේ…

Rubber Ducks

ඒ කියන්නේ පොඩි බබාලාගේ දත් එන කාලෙට හපන්න දෙන්න තමයි මේ තාරාවෝ ඉස්සෙලම හදලා තියෙන්නේ.. රබර් පුරවලා නිසා පුංචි දත් වලට හානියක් වෙන්නෙත් නැහැ… ඒ නිසා සුරක්ෂිත සෙල්ලම් බඩුවක් විදිහට මේ රබර් තාරාවෝ ඒ කාලේ ළමයින්ට දීලා තියෙනවා.

පස්සේ පස්සේ තමයි 1931 දී Eleanor Shannahan තමයි මේ තාරාවට හුලං පුරෝලා සද්දේ එන්න හැදුවේ.. සද්දේ කියන්නේ මේ රබර් තාරාවෝ මිරිකනකොට එන සද්දේ…. පොඩි අය ඉන්න ගෙවල් වල නම් හොඳට අහලා පුරුදු නිතර ඇහෙන සද්දයක් නේ.. ඔන්න ඒ සද්දේ මතක නැත්නම් කඩේකට ගියාම ඉන්න තාරාවෙක් මිරිකලා බලන්න.. හිකිස්…

Classic RUBBER DUCKY Floating Bath Time Toy Duck Baby Tub Yellow Duckie ...

පස්සේ එක එක වෙනස්කම් එක්ක ගිහින් මේ තාරාවගේ දැන් තියෙන version එකට ලගම විදිහ හදලා තියෙන්නේ 1940 දී Peter Ganine විසින්. එයා මේ පාවෙන, යටින් පැතලි තාරාව ඉදිරිපත් කරලා ඒකට පේටන්ට් බලපත්‍රයකුත් 1948 දී ලබා ගෙන තියෙනවා.

මේ වෙනකොට එයාගේ ඒ අලුත්ම model එකේ රබර් තාර පැටව් මිලියන 50කට වැඩි ප්‍රමාණයක් විකිණිලා තියෙනවා.

දැන් නම් තාර අම්මි එක්ක තාර පැටව් ගොඩක් ඉන්න මේ ජාතියේ තාරාවෝ සෙට් වගෙත් නිෂ්පාදනය කරලා තියෙනවා…

Bath Toys | Baby bath toys, Elegant baby, Baby yellow

ඒ වගේම සෙරමික්, clay, ප්ලාස්ටික් වලිනුත් මේ model එකට තාරාවෝ හදලා තියෙනවා.. Telegram app එකේ sticker pack එකකුත් තියෙනව Duck කියලාත්…

Plastic ducks | Etsy

ඉතින් ඔයාගේ පුංචි කාලේ ඔයත් එක්ක සෙල්ලම් කරලා නාල හිටිය ඔයාගේ තාරාවා තාම ඔයත් එක්ක ඉන්නවද? comment එකක් දාන්න බලන්න ඔයාගේ ඒ තාරාවගේ ෆොටෝ එකකුත් අපේ Facebook twitter page වල ඔන්න.

ලස්සනම තාරාවාට අපි share එකකුත් දෙනවා…

එහෙනම් මේ වගේ ලස්සන වෙනස් article එකකින් ආයෙමත් හම්බ වෙනකම් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න….

බුදු සරණයි! ජය වේවා!

🦆