සුව සිරිපුර නිෂ්පාදන කලාපයේ දෙවන කර්මාන්තශාලාව ඉදි කිරීමට සැරසෙයි

අනුරාධපුර – ඔයාමඩුව ප්‍රදේශයේ “සුව සිරිපුර“ ඖෂධ නිෂ්පාදන කලාපයේ ඉදි කෙරෙන දෙවන ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා මුල්ගල් තැබීම උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්ගේ ප්‍රධානත්වයෙන් අද (13) සිදු කෙරනු ලැබුවා.

සියලු‍ පහසුකම් සහිතව ඖෂධ කර්මාන්තශාලා 21ක් ඉදිකිරීම සඳහා ඔයාමඩුව දෑයට කිරුළ භූමියෙන් ඉඩම් අක්කර 85ක් වෙන්කර තිබෙනවා.

මේ යටතේ සෘජු රැකියා 2000ක් හා වක්‍ර රැකියා 5000ක් ලබා දීමට අපේක්ෂා කරනවා.

එසේම මේ යටතේ ඖෂධ මිලියන 18ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන අතර මේ සඳහා ඩොලර් මිලියන 8.5ක මුදලක් ආයෝජනය කර තිබෙනවා.

මෙම කලාපයේ පළමු ඖෂධ නිෂ්පාදනාගාරයේ වැඩ මේ වනවිට අවසන්ව ඇති අතර එහි නිෂ්පාදන කටයුතු නොබෝ දිනකින් ආරම්භ කිරීමට ද නියමිත බවයි වාර්තා වෙන්නේ.