සුදු සීනි, වියළි මිරිස් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ගණන් ප්රසිද්ධ කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව වියළි මිරිස් කිලෝවක තොග මිල රුපියල් 900ක් සහ සිල්ලර මිල රුපියල් 1,100ක් සහ 1,300ක් වන බව සඳහන්.
සුදු සීනි ක්රිලෝග්රෑමයක තොග මිල රුපියල් 280ක් වන අතර සිල්ලර මිල පරාසය පවතින්නේ රුපියල් 280ත් 320ත් අතරයි.
එසේම ආනයනික ලොකු ලුනූ කිලෝග්රෑමයක තොග මිල රුපියල් 380ක් වන අතර, සිල්ලර මිල රුපියල් 420ත් 580ත් අතර මිලක් ලෙස දැක්වෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ සිල්ලර වෙළඳසැල්හිමියන් අසාධාරණ මිල ගණන්වලට භාණ්ඩ අලෙවි කරන බැවින් මෙම මිල ගණන් ප්රකාශයට පත් කිරීමට කටයුතු කළ බවයි.

