2023 වර්ෂය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 120ක පමණ ලාභංශයක් උපයා ඇති බව වාර්තා වනවා.
පසුගිය දෙසැම්බර් මස වනවිට රටේ ඉන්ධන පරිභෝජනය සියයට 50කින් පහළ ගොස් තිබු බවට ඉන්ධන බෙදුම්කරුවන් ප්‍රකාශ කළ ද වසරේ අවසන් මාස කිහිපයක තුළ පැවැති ඉන්ධන මිල ගණන්වලට අනුකූල වු විකුණුම් ක්‍රියාවලිය සලකා බැලීමේදී පෙර වසරවලට සාපේක්ෂව සංස්ථාව ඉහළ ලාභයක් වාර්තා කර ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
සයිනොපෙක් චීන ඉන්ධන සමාගම් හා පවතින තරඟකාරීත්වය අවම වීම තුළ ඛනිජ තෙල් සංස්ථාවේ ලාභය අවදානම් මට්ටක පවතින බවට ඇතැම් පාර්ශ්ව සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බවද එම සංස්ථාව පවසයි.
එබැවින් එය පෞද්ගලීකරණය කිරිමේ අවශ්‍යතාවක් පැන නොනඟින අතර ලාභාංශ තවදුරටත් ඉහළ නංවා ගනිමින් ඉදිරි ඉලක්ක සපුරාගැනීමට සංස්ථාව සුදානමින් පසුවන බවද වාර්තා වනවා.
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් සඳහා පසුගිය දෙසැම්බර් මාසයේදී ප්‍රසාද දීමනාවක් ද ලබාදී තිබෙනවා.

