යළි වාහන ආනයනය කිරීමේ සූදානමක්

මෙරට වෙළෙඳපොළ සඳහා මෝටර් රථ ආනයනය කිරීමට නැවතත් සූදානම් වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි පළමු අදියරය යටතේ එන්ජින් ධාරිතාව 1000CC ට අඩුවෙන් පවතින මෝටර් රථ ආනයනය කරනු ලබන බවයි සඳහන් වෙන්නේ.

විදේශ සංචිත ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහා මෙලෙස එන්ජින් ධාරිතාව අවම මෝටර් රථ පමණක් ආනයනය කිරීමට පියවර ගනු ලබන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම මෙලෙස නැවතත් මෝටර් රථ ආනයනය කිරීම ආදායම් බදු ඉහළ නංවා ගැනීමේ එක් අරමුණක් බව එම සංගමය වැඩිදුරටත් පවසයි.

මෝටර් රථ ආනයනය සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු මාසයක් වැනි කෙටි කාලසීමාවක් තුළ සිදුකිරීමට නියමිත බව වාර්තා වෙනවා.