අතිරේක සරම්ප එන්නත් කිරීමේ වැඩසටහනට UNICEF සහාය

ශ්‍රී ලංකාවේ අතිරේක සරම්ප එන්නත් කිරීමේ වැඩසටහන කඩිනම් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට සහාය ලබා දීමට UNICEF සංවිධානය පියවර ගෙන ඇතැයි වාර්තා වෙනවා.

මෙම අතිරේක එන්නත්කරණ වැඩසටහනේ පළමු අදියර සරම්ප රෝගීන් වැඩියෙන් වාර්තා වූ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ ඇතුළු ඉහළ ජන ඝනත්වයක් සහිත දිස්ත්‍රික්ක නවයක ක්‍රියාත්මක වනවා.

ඒ අනුව එම දිස්ත්‍රික්ක වල මාස 6-9 අතර කුඩා දරුවන් ඉලක්ක කර ගනිමින් ජනවාරි මස 06 වැනිදා සිට 1,600කට වැඩි සායන සංඛ්‍යාවකින් ආරම්භ වීමට නියමිත බව සඳහන් වනවා.

එහි දෙවන අදියර ජනවාරි මස 20 වැනි දා සිට රට පුරා සිටින අනෙකුත් වයස් කාණ්ඩවල දරුවන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව තිබෙනවා.