VAT ඉහළ යෑමත් සමඟ සිමෙන්ති කොට්ටයක මිල ද රුපියල් 150 ත් 350 ත් අතර මුදලකින් ඉහළ දැමූ බව සිමෙන්ති නිෂ්පාදන සමාගම් පවසනවා.
මෙම මිල ඉහළ දැමීමත් සමඟ ඇතැම් සිමෙන්ති සමාගම්වල කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,300 ක් දක්වා ද, තවත් සමහරක් සමාගමක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,450 ක් දක්වා ද ඉහළ ගොස් තිබෙනවා
බදු ඉහළ දැමීමට පෙර සමාගම් කීපයක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,980ක්ව පැවැති අතර ඇතැම් සමාගම්වල සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,300 ක ව පැවතුණි.

