රාජ්‍ය සේවකයන්ගේ වැඩි කළ දීමනාවෙන් කොටසක් ජනවාරි සිට

රාජ්‍ය සේවකයින් වෙනුවෙන් වැඩිකළ රුපියල් 10,000 ක දීමනාවෙන් රුපියල් 5,000 ක මුදලක් ජනවාරි මාසයේ සිටම ලබාදීමට කටයුතු කරන බව වාර්තා වෙනවා.

ඊයේ යාපනය සහ කිළිනොච්චි දිස්ත්‍රික් විශේෂ සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර තිබෙනවා.