ඉරාන ප්‍රහාරයේ වගකීම IS භාර ගනී

ඉරානයේ Qassim Soleimani වෙනුවෙන් සිදු කරන ලද අනුස්මරණ උත්සවයක් අතරතුර දී සිදු වුණු ද්විත්ව බෝම්බ ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් වන IS විසින් භාර ගෙන තිබෙනවා

මීට වසර හතරකට පෙර එක්සත් ජනපද ඩ්‍රෝන් ප්‍රහාරයකින් මියගිය සොලෙයිමානිට ගෞරව දැක්වීම සඳහා ඉරාන ජනතාව රැස්ව සිටි අවස්ථාවේ දී මෙලෙස මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙක් විසින් සිය බෝම්බ පුපුරුවා ගෙන තිබෙනවා.

එම ප්‍රහාරය හේතුවෙන් ඉරාන වැසියන් 84 දෙනෙක් ජිවිතක්ෂයට පත් වුණු අතර එය වසර ගණනාවකට පසු ඉරානයේ සිදුවූ මාරාන්තිකම ප්‍රහාරය ලෙස හඳුන්වා දිය හැකි වනවා.

ප්‍රහාරය හේතුවෙන් තවත් පුද්ගලයන් සිය ගණනක් තුවාල ලබා තිබෙනවා.

ඉරාන නායකයා වන අයතුල්ලා අලි කමේනි IS හි මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙලා දැක ඇති අතර ඔහු මේ සඳහා සුදුසු දරුණු ප්‍රතිචාරයක් IS වෙත ලබා දෙන බවත් සඳහන් කර තිබෙනවා.