ලෝ ලෙවල් මාර්ගයේ කොටසක් වැසෙයි

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල නළ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලෝ ලෙවල් මාර්ගයේ කොටසක් වසා තැබෙන බව නිවේදනය කරනවා.

ඒ අනුව ලෝ ලෙවල් මාර්ගයේ වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත අතර කොටසක් මෙලෙස හෙට රාත්‍රී 10 සිට අනිද්දා (07) සවස 05 දක්වා වසා තැබෙනු ඇත.