හෙට (01) සිට සියලුම ආකාරයේ ජංගම දුරකථනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව ජංගම දුරකථන අලෙවි සහ විකුණුම්කරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ ජංගම දුරකථනයක මිල සියයට 35කට ආසන්න ප්රමාණයකින් ඉහළ යනු ඇති බවයි.
හෙට සිට ක්රියාත්මක වන පරිදි වැට් 18% කින් ඉහළදැමීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
මෙම මිල ඉහළ යාමත් සමග ජංගම දුරකථන වෙළෙඳපොළේ සියයට 50ක පමණ පසුබෑමක් සිදුවනු ඇති බවට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව හෙට සිට රුපියල් ලක්ෂයක් වටිනා ජංගම දුරකථනයක් රුපියල් 135,000ක පමණ මිලකට අලෙවි වනු ඇත.

