දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය ගැන විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය, විභාග මධ්‍යස්ථාන 669ක දී දෙසැම්බර් 28 සහ 29 යන දිනවල දී පැවැත් වෙන බවයි.
එසේම මේ වනවිට විභාග ප්‍රවේශ පත්‍ර අදාළ දහම් පාසල් වෙත තැපැල් කර ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කර තිබෙනවා
ප්‍රවේශ පත්‍ර නොලද දහම් පාසල් ප්‍රධානීන්ට ඔවුන් වෙත නිකුත් කර ඇති පරිශීලන නාමය හා මුරපදය භාවිත කර දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වෙත පිවිස https://apps.exams.gov.lk/principals/admissions හරහා ප්‍රවේශ පත්‍ර භාගත කර ගත හැකිය.

