යාපනයේ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යෑමක්

යාපනය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

මේ මාසයේ දී පමණක් ඩෙංගු රෝගීන් 945 දෙනෙකු වාර්තා වී ඇති බවයි යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ටී.සත්‍ය මූර්ති පවසන්නේ.

එසේම ඊයේ (25) දිනයේ දී පමණක් නව ඩෙංගු රෝගීන් 40 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුවියක් සහ යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 11 පමණ වයසැති දරුවෙකු ද ඩෙංගු හේතුවෙන් ඊයේ සහ පෙරේදා දින දෙකෙහි මිය ගොස් තිබෙනවා.